Blog

  • මස් මාළු කන්නම ඕනෙද? එළවළු පළතුරු විතරක් කන ගමන් නිරෝගීව ඉන්න හැටි මෙන්න!

    ඉතිහාසය පුරාවටම මිනිස්සු මස් මාංශ අනුභවය නිසා ඇතිවෙන අපහසුතා හින්දා හෝ එහෙමත් නැත්තම් ආගමික මතවාද හින්දා නිර්මාංශ වෙන්නට පුරුදුවෙලා හිටියා. යම් යම් හේතු නිසා මෑත දශක කිහිපයේ ලෝකයේ සුප්‍රසිද්ධ පුද්ගලයන් පවා සම්පූර්ණයෙන්ම නිර්මාංශ වෙන අවස්ථා දකින්නට ලැබුණා. වර්තමානයේ ඇතිවෙලා තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක මිනිස්සුන්ට වෙනදාට වඩා විද්‍යාත්මක පදනමක් එක්ක ආහාර පුරුදු දිහා බලන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව අලුත් ප්‍රවණතාවය වෙන්නේ ශරීර සෞඛ්‍යයට අහිතකර මේදය,කොලෙස්ටෙරෝල් වගේ දේවල් සිරුරට එකතුවෙන එක සහ වෙනත් රෝගාබාධවලින් වැළකීම පිණිස තමන් විසින්ම නිර්මාංශ ආහාර රටාවකට හුරු වෙන එක.

    Read article
  • ලෝකයේ පොහොසත්ම ආහාර සංස්කෘතිය තියෙන රට මොකක්ද?

    ලෝකයේ හැම රටකටම පාහේ තමන්ටම අනන්‍යවුණ මේ වගේ ආහාර සංස්කෘතීන් තිබෙනවා. ඒ අතරින් ආසියාතික රටවල්වල ආහාර රටාවට සුවිශේෂී තැනක් හිමිවන්නේ මස් මාංශ වර්ග භාවිතය අවම කරගෙන පෝෂ්‍යදායී මෙන්ම රසවත් ආහාර සකසන නිසාවෙනුයි. ශ්‍රී ලංකාව කියන්නෙත් සාම්ප්‍රදායික ආහාර වලින් ඉතාම පොහොසත් ආහාර සංස්කෘතියක් සහිත රටක්. දේශීය ආහාර රටාවේ තියෙන  සොබාදහමට වඩාත් සමීප ආහාර වට්ටෝරු මෙන්ම ආහාර පුරුදු නිසා ආහාරයේ රසය ගුණය සුරැකෙන ආකාරයට සැකසීමට වගේම ආහාර වේලෙහි අන්තර්ගත පෝෂණය උපරිමයෙන්ම ලබාදීමට හැකිවෙන පරිදි වටපිටාව සැකසී තිබෙනවා.

    Read article
  • කාබනික සහ අකාබනික ආහාරවල වාසි සහ අවාසි

    කාබනික සහ අකාබනික ආහාරවල වාසි සහ අවාසි

    කාබනික ආහාර කියල හඳුන්වන්නේ කාබනික ගොවිතැනේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලවන ක්‍රම මගින් නිෂ්පාදනය කරනු ලබන ආහාරයි. මේ වගේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියෙදි කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරපු පොහොර වර්ග, පළිබෝධනාශක සහ කෘත්‍රිම ශාක හෝමෝන වගේ කිසිම දෙයක් භාවිත වෙන්නේ නැහැ. ඒ වගේම කාබනික ආහාර නිෂ්පාදනය කරන අවස්ථාවේ කිසිම ජානමය වශයෙන් විකරණයක් සිදුකරන්නේ නැතුව තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ. මේ ආකාරයේ කිසිම වෙනසක් සිදු නොකර ස්වභාවධර්මයට අනුකූලවම වැඩෙන්නට ඉඩහරින ශාකවලින් නිපදවාගන්නා ආහාර වර්ග තමයි කාබනික ආහාර ලෙස වර්තමානයේ හඳුනාගන්නේ.

    Read article
  • කිරිපිටි පෝලිම්වල කල්මරන්න කලින් මේ ගැන හිතුවාද?

    කිරිපිටි පෝලිම්වල කල්මරන්න කලින් මේ ගැන හිතුවාද?

    කිරිපිටි හිඟය කියන්නේ මේ දවස්වල දැවෙන ප්‍රශ්නයක් බවට  පත්වෙලා ඉවරයි. රටේ බොහෝ ප්‍රදේශවල කිලෝමීටර් ගාණක් දිග පෝලිම් නිර්මාණය කරන්න තරම් කිරිපිටි, මිනිස්සුන්ගෙ ජීවිතයේ වැදගත්ම අංගයක් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ ගොඩක් දෙනෙකුට දවසට එක වතාවක් හරි කිරි පානය නොකර දවස ගතකරන්න අමාරුයි. ඒකෙනුත් සීයට අනූනවයක්ම දෙනා පුරුදුවෙලා ඉන්නේ පිටිකිරි පානය කරන්න.ඇත්තටම මේ කියන තරම් කිරිපිටි අපේ ජීවිතයට අත්‍යවශ්‍ය ද?

    Read article
  • කාබනික හා රසායනික වගාවන් එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද?

    කාබනික හා රසායනික වගාවන් එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද?

    මේ දවස්වල බොහෝදෙනා කතාබහ කරන මාතෘකාවක් ඒක. ඒත් සමාජයේ ගොඩ දෙනෙකුට මේ ගොවිතැන් අංශ දෙක ගැන සහ ඒවායෙ තිබෙන වෙනස්කම් ගැන හරිහැටි අවබෝධයක් නැහැ. මේ ලිපියෙන් අපි කතාබහ කරන්නෙ ඒ ගැනයි.

    Read article
  • කාබනික ගොවිතැන ජයගත් සිකීම් සහ භූතානයේ කතාව

    කාබනික ගොවිතැන ජයගත් සිකීම් සහ භූතානයේ කතාව

    සිකිම් කියන ප්‍රදේශය පිහිටල තියෙන්නෙ ඊසානදිග ඉන්දියාව, භූතානය, ටිබෙට් සහ නේපාලය මායිම් කරගෙනයි.සිකිම් කියන්නෙ හිමාල කඳුවැටියේ කොටසක් වගේම, මේ ප්‍රදේශය වනාන්තර, තණබිම් සහ කඳු බෑවුම් බහුල ඉතාම සංවේදී  පරිසර පද්ධතියෙන් සමන්විත වෙනවා. ඔවුන් ගොවිතැන වෙනුවෙන් යොදාගෙන තියෙන්නෙ සම්පූර්ණ භූමියෙන් 10% ක් (හෙක්ටයාර් 75,000) වගේ ප්‍රමාණයක් විතරයි.

    Read article